වැලිගම ගම් හයකට සංචරණ සීමා… පාසල් දෙකක් දින නියමක් නැතිව වැසේ

මාතර – සම්පත් –

දින දෙකක් තුළ  වැලිගමින් වැඩිම  කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල ගම්මාන 06ක් තාවකාලික සංචරණ සීමා පනවා  තිබේ  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගල්බොක්ක නැගෙනහිර ගල්බොක්ක බටහිර  කෝට්ටගොඩ, කොහුණුගමුව, අළුත්වීදිය හා හෙට්ටිවීදිය යන ග්‍රාම නිලධාරී වසම් 06 ට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය  වැලිගම සුමංගල විද්‍යාලය සහ ගල්බොක්ක අරෆා ජාතික පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් මේ වනවිටත් තීරණය කර ඇත.

Exit mobile version