වැලිකන්ද පුනරුත්ථාපන හා පුහුණු මධ්‍යස්ථාන රැඳවියන්ට අද සිට විශේෂ පුහුණු පාඨමාලා….

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද සේනපුර තෘතීයක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ  අභ්‍යාසලාභීන් සඳහා ජීවිත ආරක්ෂක සහ තවත් විශේෂ පුහුණු  කිහිපයක් ලබාදීමට  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි  ගේ   සංකල්පයකට අනුව එම පුහුණු මධ්‍යස්ථානයේ දී අද ( 28 ) වැනිදා ආරම්භ කෙරිණි,

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් මෙහෙයවනු ලබන  මෙම පාඨමාලාව අඛණ්ඩව දින 12ක් සිදු කරන අතර රජයේ පිළිගත් සහතිකයක් ඔවුනට ලබා දීමට කටයුතු කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මාධ්‍ය සම්බන්ධීකාරක  ප්‍රියංග  කරුණාතිලක   සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අධිකරණයෙන් වරදකරුවන් වූ  පසු වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා වැලිකන්ද සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යොමුකරන අතර ඔවුන්ට “පුනරුත්ථාපනයෙන්  ඔබ්බට“ යන මැයෙන්   මෙම අමතර පුහුණු ලබාදෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රියංග කරුණාතිලක ම  වැඩිදුරටත් පැවසීය,


ඒ අනුව අද( 28 )   එම පුනරුත්ථාපනලාභීන් 36 දෙනෙකු තෝරාගෙන පළමු අදියර ලෙස දින 12ක පුහුණුවක් ඔවුන්ට ලබාදෙන අතර සමාජගත වීමෙන් අනතුරුව ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමට ද සම්බන්ධීකරණය සිදු කරන බව මාධ්‍ය සම්බන්ධීකාරකවරයා   සඳහන් කළේය.

වැලිකන්ද  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මීට පෙර සිදු කරන ලද වෘත්තීය පුහුණුවලට අමතරව, ප්‍රථමාධාර පුහුණුව,  හදිසි ගිනි ගැනීම් අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව, වන සම්පත සුරැකීම පිලිබඳ පාඨමාලාව, රියදුරු බලපත්‍ර ලබාදීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පුහුණු පාඨමාලාවන්,  යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද, පරිසරය ආරක්ෂා කර කරන්නේ කෙසේද, ජංගම දුරකථන භාවිතා කරන්නේ කෙසේද,  ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නකේ කෙසේද, වකුගඩු රෝගයයෙන් ආරක්ෂා වන්නේ, බෝ නොවන රෝගවලින වලින් ආරක්ෂා වන්නේ කෙසේද, ජීවිතය ජයගන්නේ කෙසේද, යන්න ඇතුළු විවිධ පුහුණු පාඨමාලාවන් ඔවුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබෙන බවද පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්  සම්බන්ධීකාරකවරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට  වැලිකන්ද සේනපුර තෘතීයක  හා වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානය තුළ පුහුණුලාභීන්  1500 කට ආසන්න පිරිසක් විවිධ වෘත්තීය පුහුණුවීම් ලබමින් සිටිති.

Exit mobile version