වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

මනම්පිටිය නිමල් ජයරත්න –

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ දී පෙරේදා රාත්‍රියේ ඝාතනය වූ බව කියන රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට කන්දකාඩු කඳවුරේ හමුදා පුද්ගලයින් දෙදෙනෙක් සහ ගුවන් හමුදා පුද්ගලයින් දෙදෙනෙක් අද ( 01) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය ප්‍රකාශ කළේය.

අමානුෂික පහරදීම සහ මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ ඝාතනය වූ බවට සැක කරන්නේ  දෙමෝදර උඩුවර අංක 22 ලිපින‍යේ පදිංචිව සිටි විසි පස්  වියැති රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති තරුණයෙකි.

මත්ද්‍රව්‍ය ඇබ්හියෙන් මුදවා පුනරුත්ථාපනය සඳහා අධිකරණ නියෝග මත යොමු කර සිටි මෙම රැඳවියා අත තිබූ දුම්කොලයක් සම්බන්ධව  විනය ගැටලුවක් දුර දිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක අතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. .

 

Exit mobile version