වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

4 In Serious Condition

මනම්පිටිය නිම්ල් ජයරත්න  

පොලොන්නරුව  සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක්  අද  (30)  දැසන 7ට පමණ වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ අනතු‍රකින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බව   වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමේදී සඳහන් කළේය.

රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බව වැලිකන්ද වැඩ බල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න  අප කළ විමසීමකදී පැවසීය.

බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තුවාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද වැලිකන්ද පොලීසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ගේ මෙහෙයවීමෙන් වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප්  සෙනවිරත්න  ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version