වැලිකඩ සිටි සහරාන්ගේ බිරියටත් කොරෝනා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය දී මරාගෙන මැරුණු සහරාන් හෂීම් ගේ බිරිය වන ෆාතිමා හදියා ද වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදනය වූ කාන්තා රැදවියන් අතර සිටින බව වාර්තා වේ.

ඇය අද දින වැලිකඩ බන්ධනාගාරයේද සිට පොළොන්නරුව වැලිකන්ද රෝහලට ආරක්ෂාව සහිතව රැගෙන ගොස් තිබේ.

25 හැවිරිදි කාන්තාවක වන සහරාන් ගේ බිරිය සමඟ වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු එම රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර ලංකාසරට පැවසීය.

මේ වනවිට මෙම රැඳවියන් සඳහා දැඩි ආරක්ෂාවක් සැපයීමට කටයුතු කර ඇත.

Exit mobile version