වැලිකඩ හා මහර බන්ධනාගාරවල රැඳවියන් අරඹා ඇති උපවාසය තවමත් ක්‍රියාත්මක බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 180 දෙනෙකු පමණ හා මහර බන්ධනාගාරයේ රැඳවියන් 70 දෙනෙකු පමණ මේවනවිටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
ඊයේ පස්වරුවේ සිට තම සිරමැදිරිවලින් එළියට පැමිණ සිටින උපවාසයේ නියුතු සිරකරුවන් යලි මැදිරි තුළට යැවීමට නිලධාරීන් කළ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී තිබේ.
තවමත් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම රැඳවියන් අදාල සිර මැදිරි ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වේ.
බන්ධනාගාරයකින් ජනාධිපති සමාව සහිතව සිරකරුවන් නිදහස් වීම සාමාන්‍ය දෙයයක් වුවත් මේ නොසන්සුන්තාවයට හේතු වූයේ ආර්.දුමින්ද සිල්වාට ලැබුණු ජනාධිපති සමාව බව දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.
එහෙත් එම සිද්ධිය මුල් කරගෙන උපවාසය සහ විරෝධතාවයට මෙම සිරකරුවන් පොළඹවා ඇත්තේ බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බව ද එම ආරංචි මාර්ග පැහැදිලි කළේය.
ඔවුන් කියා සිටින්නේ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි නොවීම නිසා මෙම කැරළිකාරී තත්වය බන්ධනාගාර තුළ ඇති කර ඇති බවය.
එවැනි කුමන්ත්‍රණ සඳහා සම්බන්ධ පිරිසට එරෙහිව බන්ධනාගාර නීතිය යටතේ කඩිනමින් විනයානුකූල පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.