වැලිකඩ – අ’පුර බන්ධනාගාරවල සීසීටීවී තාම නෑ

පසුගිය දිනවල බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්ත මහතාගේ අයුතු හැසිරීම් සම්බන්ධයෙන් කතා බහට ලක්වූ වැලිකඩ බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂක කැමරා පද්ධති (CCTV) තවමත් සවිකර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපුටා දක්වන ඩේලි මිරර් පුවත්පත සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම් සම්බන්ධ සිදුවීම් පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට නම් මෙම ආරක්ෂක කැමරා පද්ධති විශ්ලේෂණයට ලක් කළ යුතු බවට මත පළව තිබුණ ද තවමත් එම බන්ධනාගාර දෙකේ කැමරා පද්ධති ක්‍රියාත්මක තත්ත්වයක නොපවතින බව සඳහන් වේ.

මේ වනවිට මෙරට පවතින බන්ධනාගාර අතරින් සීසීටීවී කැමරා පද්ධති ක්‍රියාත්මක වන්නේ අඟුණකොළපැලැස්ස, බූස්ස සහ කළුතර බන්ධනාගාරවල පමණක් බවත් දැනට වැලිකඩ බන්ධනාගාරයේ එම පද්ධති සවිකිරීමේ කටයුතු ආරම්භ වී ඇතත් තවමත් එම කටයුතු නිමා වී නොමැති බව සඳහන් වේ.


පසුගිය මාර්තු මාසයේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියත් සමග මෙම ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීම පද්ධතිය සවි කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූ අතර එම කටයුතු පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් වැලිකඩ, මැගසින් බන්ධනාගාරය රිමාන්ඩ් බන්ධනාගාරය වැලිකඩ කාන්තා වාට්ටුව බන්ධනාගාර රෝහල සහ මහර සහ මීගමුව බන්ධනාගාරවල කැමරා පද්ධති සවිකිරීම එලෙස පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වී ඇතත් තවමත් එම කටයුතු අවසන් වී නොමැති බව සඳහන් වේ.

Exit mobile version