වැලිඔය හැලඹවැව විහාරාධිකාරී හිමියන්ගේ දේහය ආවාසයෙන් හමුවේ!

වැලිඔය හැලඹවැව විහාරස්ථානයේ විහාරාධිකාරීව වැඩ විසී 49 හැවිරිදි හිමිනමක් වන  මොරගොඩ නන්දරතන හිමියන්  ආවාස ගෙය තුළ  ස අපවත්වී සිටියදී ඊයේ  (27) උදෑසන හීල් දානය ගෙනා දායකයින්ට හමුවී තිබේ. 

හිමි නම පෙනෙන්නට නොසිටි බැවින් උන්වහන්සේ අමතා පිළිතුරක් නොවූ තැන අවාසයේ ජනේලයෙන් විපරම් කරද්දී නිදන ඇඳ මත සිටි හිමි නම දැක ඒ බව වැලිඔය පොලිසියට පැමිණිලි කර ඇත.

ආවාසයේ අගුළු කඩා ඇතුළු වූ පොලිසියට උන්වහන්සේගේ දේහය හමු වී තිබේ. වැලිඔය පොලිසිය පවසන්නේ විහාරයේ වැඩසිටියේ උන්වහන්සේ පමණක් බවය.

මහේස්ත්‍රාත් නියෝගයකින් මුලතිව් රෝහලට මළ සිරුර රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර   අධිකරණ වෛද්‍යවරයා මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

Exit mobile version