වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

PHI

කීර්ති ප්‍රනාන්දු – 

අවුරුදු සමය නිමා වූ වහාම බස්නාහිර පලාත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරු න් වැඩ වර්ජන  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කටාන දිවුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

කොවිඩ් අවදානම හා බලපෑම වැඩිම පළාත වූ බස්නාහිර පළාතේ රාජකාරියෙහි යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දිවා රෑ නොතකා, නිවාඩු දින නොබලා රාජකාරි කරන  නමුත් ඒ සේවය සඳහා ලැබිය යුතු කිසිදු දීමනාවක් පසුගිය ජනවාරියේ සිට ලැබී නැති බවත්, මේ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කළත් කිසිම පිළිතුරක් නොමැතිවීම නිසා වැඩ වර්ජන වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

සාපේක්ෂව  කොවිඩ් අවදානම  අඩු  අනෙක් සෑම පළාතකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සේවය සඳහා ලැබිය යුතු දීමනා සියල්ල ලැබෙමින් තිබිය දී බස්නාහිරට පමණක් මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය ලෙස තමන් සෞඛ්‍ය බලධාරීන්ට අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් බව ඔහු පැවසීය.


“ අපට අතිකාල පැය 80ක් හා නිවාඩු දින 02ක් සඳහා විතරක් ගෙවීමක් කළා. එත් මේ කොවිඩ් එක්ක අනිවාර්යෙන් අපට සිද්ධ උනා පැය 180ක් 200ක් අත්කාල වැඩ කරන්න. සතියෙ හැම නිවාඩු දවසක්ම වැඩට යොදවන්න සිද්ධ උනා. එත් අපිට ජනවාරි ඉඳලා අමතර කිසිම ගෙවීමක් කිරීම නැවැත්තුවා. එත් බස්නාහිර පළාත හැර අනෙක් සෑම පළාතකම පැය 150කට වඩා අතිකාල ගෙවනවා. සතියේ නිවාඩු දින සියල්ලටම වැඩ කළොත් ගෙවනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දැන් බොහො මහජන සෞඛ්‍ය පරීක්ෂවරු  නිවාඩු දිනවල වැඩ කරන්නෙ නෑ. අවසාන ලියුම අපි බලධාරීන්ට යොමු කළේ  අප්‍රේල් 02 දා. අප්‍රේල් 19 වනවිට උත්තරයක් දුන්නෙ නැතිනම්  බස්නාහිර පළාතෙ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂවරු  වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළඹෙනවා…“ යැයි උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version