වැඩ පරක්කු කරන නාරාහේන්පිට සංවර්ධන අධිකාරියට ජනපති හදිසියේ කඩා පනී

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

එම කාර්යාලයෙන් සේවා සලසා ගැනීමට ගිය කාන්තාවක එහි රාජකාරී කටයුතු ප්‍රමාද කරවන බවට කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගියේය.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.


කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිවරයා ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි ආබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිවරයා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Exit mobile version