වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතයන් 54ක්… කොවිඩ් මරණ 03ක්…

දිනසේන රතුගමගේ –

වවුනියාවේ පම්පෙයිමඩු ප්‍රදේශයේ පවත්වා ගෙන යන වැඩිහිටි නිවාසයක 54 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී තිබේ.

වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිරිසක් ගොස් රෝගීන් හා රෝගීන් නොවන පිරිස් වෙන් කොට ඔවුන්ව ස්ථාන දෙකක නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩිහිටි නිවාසයේ එක් අයෙකු කොරෝනා රෝගයෙන් මිය ගිය පසුව සෞඛ්‍ය නිලධාරීන් වැඩිහිටි නිවාසයේ රැඳී සිටින සියලුම පුද්ගලයින්ව පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව මේ රෝගීන් පිරිස හඳුනාගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට වවුනියාව පම්පෙයිමඩු වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් තුන් දෙනෙකු කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇත.

Exit mobile version