ලලිත් චාමින්ද –
වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලට ඉකුත් වසර පහ තුලදි (2018-2022) ලබාගෙන තිබු දායක මුදල් වලින් රුපියල් මිලියන 1,476.15 සිට රුපියල් මිලියන 2,941.70 ත් අතර මුදලක් වැඩිහිටියන්ට ප්රතිලාභ ලබාදිම සදහා උපයෝජනය නොකොට ස්ථාවර තැන්පතුවල ආයෝජනය කොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලට රැස්කරන මුදල් වැඩිහිටි තැනැත්තන්ගේ, සුභසාධනය, අයිතිවාසිකම් ප්රවර්ධනය, වැඩිහිටියන් සවිබල ගැන්විම, ආරක්ෂා කිරිම සඳහා වු අරමුදලේ කාර්යයන් ඉටුකිරිම සදහා යෙදවිය යුතුය.
එහෙත් වසර ගණනාවක් පුරා වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලේ රෙගුලාසි ප්රකාරව අරමුදලේ කාර්යයන් ඉටුකිරීමට යොදානොගෙන මුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
දායක මුදලින් වැඩිහිටියන්ට ප්රතිලාභ ලබාදි ඉතිරිය පමණක් ආයෝජනය කිරිමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබඳ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් විගණනයට සදහන් කොට ඇත්තේ අතිරික්ත මුදල් ජාතික සභාවේ පුර්ව අනුමැතිය ඇතිව රාජ්ය බැංකු අතුරින් ඉහලම පොලි අනුපාතය ලබාදෙන බැංකුවේ ආයෝජනය කොට ඇති බවය. ඉන් ලැබෙන පොලි ආදායම මගින් අරමුදල තවත් ශක්තිමත් වි ඇති බවද වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් විගණනයට සදහන් කොට ඇ