වැඩිම කොවිඩ් මරණ ඊයේ… මාස 03ක බිළිඳියක් ඒ අතර… ආසාදිතයන් 2500 ඉක්මවයි…

FILE- In this April 25, 2021, file photo, a relative of a person who died of COVID-19 reacts at a crematorium in Jammu, India. India’s death toll from COVID-19 has surpassed 200,000 as a virus surge sweeps the country, rooted in so-called super-spreader events that were allowed to happen in the months following the autumn when the country had seemingly brought the pandemic under control. (AP Photo/Channi Anand, File)

මෙතෙක්  ලංකාවෙන් වාර්තා වූ වැඩිම  කොවිඩ් මරණ ගණන  ඊයේ (10) වාර්තා වී ඇත.  කොවිඩ් ආසාදිත පුද්ගල මණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇත. ඒ අනුව ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 827 තෙක් ඉහළ ගොස් තිබේ.

ගාල්ල 66 හැවිරිදි කාන්තාවක්, හෙට්ටිපොල 36 හැවරිදි පුරුෂයෙක්, පල්ලේවෙල 72 හැවිරිදි  කාන්තාවක්, මහනුවර 76  හැවිරිදි පුරුෂයෙක්, මතුගම 80 හැවිරිදි කාන්තාවක්, පාදුක්ක 65 හැවිරිදි පුරුෂයෙක්, නෑබඩ 64 හැවිරිදි පුරුෂයෙක්, යාපනය 91 හැවිරිදි කාන්තාවක්  සහ 88 හැවිරිදි පුරුෂයෙක්, මීගහගොඩ 71 හැවිරිදි පුරුෂයෙක්, කළුතර 73 හැවරිදි පුරුෂයෙක්, අකුරැස්ස 45 හැවිරිදි කාන්තාවක්,  මොරන්තුඩුව 56 හැවිරිදි පුරුෂයෙක්, කළුතර 65 හැවිදි පුරුෂයෙක්, අනුරාධපුරය 94 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 06 , 86 හැවිරිදි පුරුෂයෙක්, කලුඅග්ගල 84 හැවිරිදි කාන්තාවක්, මොරටුව 84 හැවිරිදි කාන්තාවක්,  මල්වාන 66 හැවිරිදි පුරුෂයෙක්,  බොරැල්ල 88 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 15,  83 හැවිරිදි පුරුෂයෙක්, කඳාන 56 හැවරිදි  පුරුෂයෙක්, මාස්වල 58 හැවිරිදි කාන්තාවක්, නෑබඩ 96 හැවිරිදි කාන්තාවක්,  වත්තේගම තෙමස් බිළිඳියක්, මළඹේ 53 හැවිරිදි පුරුෂයෙක් මෙසේ මියගොස් තිබිණි.

එමෙන්ම ඊයේ කොවිඩ් ආසාදිතයන් 2500 ඉක්මවා ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 2573කි. ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 122446කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ..

Exit mobile version