වැටුප් අත්හිටවීමේ අමාත්‍යාංශ ලේකම් නිර්දේශයට පිටින් ගොස් නාරා අධ්‍යක්ෂ ජනරාල් වැටුප් ලබාගෙන

සාවද්‍ය මුදල් පරිහරණයට චෝදනා ලැබීම නිසා කලමනාකරණ දෙපාර්තමේන්තුව හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා  විසින් වැටුප් නතර කර, එම වැටුපට පරිබාහිරව   අනීතිකව ලබාගත් මුදල නැවත අයකරගන්නා ලෙස ලිඛිතව දන්වා   තිබියදීත්  ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) අධ්‍යක්ෂ ජනරාල් එල්.ටී.සී ලොකුකුමාර  සැප්තැම්බර් මසට අදාල වැටුප  හා ඉන්ධන දීමනාව ලබාගෙන  ඇතැයි වාර්තා වේ.

වැටුප් පත

අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ස්ථිර නොවී සිටිය දී සම්මත මූල්‍ය පටිපාටි උල්ලංඝණය කරමින් ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැටුප මාස 09ක් තිස්සේ ලබා ගැනීම සම්බන්ධව ඔහුට එරෙහිව අභ්‍යන්තර හා රජයේ විගණන අංශ විසින් විගණන විමසුම් ද කර තිබූ බවත්,  වැටුප නවත්වා වැඩිපුර ලබාගත් මුදල නැවත අය කරගන්නා ලෙස කලමනාකරණ දෙපාර්තමේන්තුවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්  නියෝග කරන්නේ ඒ  අනුව බව  නාරා ආයතන ආරංචිමාර්ග පවසයි.

එසේ තිබියදීත්  පසුගිය මස වැටුප ලබාගෙන ඇති බවත්,  මේ අනීතික කටයුත්ත කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා පසුබිම සපයා දෙමින් සිටින්නේ ආයතනයේ අධ්‍යක්ෂ මුදල් ලෙස කටයුතු කරන තැනැත්තා බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්.එස්. හේවාගම නැමැති මෙම මූල්‍ය අධ්‍යක්ෂ ධුරය දරන තැනැත්තා   පහුගිය යහ පාලන රජය සමයේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පත්වීම් ලබාගෙන ඇති බවත්,  දැනට නාරා ආයතනයේ සිදුවෙමින් ඇති බරපතල මූල්‍ය වංචා සියල්ලටම මොහු සම්න්ධ බවත්,  නාරා ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් ලිඛිත සාධක ද සහිතව මීට පෙර ජනාධිපතිවරයාත් විෂය භාර ඇමතිවරයාත් දැනුවත් කර තිබිණි.

Exit mobile version