වාහන මිල පාලනය ගැන රජයට තවම අදහසක් නෑ!

මේ වන විට මෙරට වෙළෙඳ පොළ තුළ ලියාපදිංචි කළ වාහන අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය විසින් මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් ගැන සාකච්ඡාවට ගෙන නොමැති බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශීය ශ්‍රමිකයන් විසින් එරට දී පාවිච්චි කරනු ලැබූ වාහන ලංකාවට ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව හැරෙන්නට ඒ සම්බන්ධයෙන් වෙනත් යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි මිල නියාමනය කිරීම නියාමනයක් කිරීමට රජයට ප්‍රායෝගිකව අපහසු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ මේ වන විට සමාජ ජාල වල, රජය විසින් දේශීය වෙළඳපොලේ වාහන අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාම පාලනය කිරීම සම්බන්ධයෙන් පියවරක් ගෙන ඇති බවට පවතින වාර්තා පිළිබඳව කළ විමසීමකදී විමසීමකදීය.


2020 වසරේ සිට වාහන ආනයන දැඩි ලෙස සීමා කිරීමත් සමඟ සමග මේ වන වනවිට වෙළෙඳ පොළේ භාවිත කරන ලද වාහන වල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

ඇතැම් භාවිත කළ වාහන ලක්ෂ 200 කින් පමණ මිල ඉහළ ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මිල වැඩිවීම කෘතිම තත්ත්වයක් වන අතර ඉදිරියේ යම් තැනකදී එම මිල ස්ථාවරභාවයකට පත් වනු ඇති බවය.

Exit mobile version