වාහන පර්මිට් දෙන්න හිතන්නත් කලින් මන්ත්‍රිවරු සල්ලි අරන් !

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තීරු බදු වාහන බලපත්‍රය තමන්ට ලැබෙන්නටත් පෙර එය විකිණීමට පොරොන්දු වී අත්තිකාරම් මුදල් පවා ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගෙන ඇති බව  වාර්තා වේ.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන්ට සිය ධුර කාලය තුළ තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රයක් ලැබෙන අතර එය ලැබුණු සැණින් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙසේ අත්තිකාරම් ලබා ගෙන ඇති බවට වාර්තා වන අතර මෙම මන්ත්‍රීවරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රිවරුන් කෙසේ හෝ තමන්ට තිරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් සකසන ලෙස රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව ලංකාසරට වාර්තා වෙයි.

විශේෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රිවරුන් මෙම ඉල්ලීම සිදු කර අති අතර ඔවුන් රජයේ ප්‍රධානීන් වෙත පවසා ඇත්තේ තමන් මැතිවරණවලට සහ දේශපාලන කටයුතුවලට වියදම් කළ මුදල් මෙන්ම ණය තුරුස් ගෙවා දැමීමට ඇති හොඳම මඟ මෙම තීරු බදු රහිත වාහන බලපත්‍රය විකිණීම බවත් ඔවුන් සඳහන් කර ඇති බව වාර්තා වේ. ඊට හේතුව මේ වනවිට වාහන මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ට කෝටි ගණනකට එය අලෙවි කළ හැකි බවට ඔවුන් විශ්වාස කිරීමය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 2020 වසරේ මාර්තු මාසයේ සිට වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක් තුළ යළිත් රජයේ සේවකයන්ට, මන්ත්‍රිවරුන්ට සහ නියම ආකාරයෙන් බදු ගෙවන ව්‍යාපාරිකයන් ඇතුළු තීරු බදු රහිත බලපත් ලබා ගැනීමට සුදුසුකම් ඇති අයට අදාළ වාහන ගෙන්වීමේ හැකියාවක් ඇතිද යන්න සහ ඒ සමඟ රටේ ජනතාවටද  සීමිත කාලයකට හෝ වාහන අනායනය කිරීමේ හැකියාවක් පවතීද සහ එහිදී කළ යුතු යොජ්නා ඉදිරිපත් කරන ලෙස මේ වනවිටත් මහ බැංකුවට උපදෙස් ලැබී ඇති බව ලංකාසර ට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version