පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් රථ පෙළපාළියක යෙදුණු මීරිගම ප්රදේශයේ පෞද්ගලික යතුරුපැදි සමාජයක තරුණ කණ්ඩායමට විරෝධය දැක්වූ කල්පිටිය ප්රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ට එම විරෝධය දැක්වීම සම්බන්ධයෙන් නව සිංහලේ නම් සංවිධානයේ සභාපති ඩෑන් ප්රියසාද් නැමැත්තා විසින් දෝෂාරෝපණය කළ බව සුමිත්ත හිමියෝ පවසති.
උන්වහන්සේ දුරකථනයෙන් අමතා ඇති මෙම පුද්ගලයා තමන් ඩෑන් ප්රියසාද් බවත් පසුගියදා තරුණයින්ගේ රථ පෙළපාලියට විරෝධය දැක්වීම සුමිත්ත හිමියන් විසින් නොකළ යුතු නුසුදුසු ක්රියාවක් බවට පවසා දී ඇත.
එහිදී උන්වහන්සේ එය ඒ මොහොතේ රටේ පැවැති තත්ත්වය සැලකීමේදී නොකළ යුතු නුසුදුසු ක්රියාවක් බව තමන් වහන්සේ විශ්වාස කරන බවට තම ස්ථාවරය දක්වා ඇත.
එහිදී මෙම තරුණ පිරිස ඔවුන්ගේ යෞවනත්වය විඳින ආකාරය ලෙසින් එය දක්වා ඇති අතර නායකයින් කරන වැරදිවලට තරුණයින් වගකිව යුතු නැති බවත් සුමිත්ත හිමියන් වෙත පවසමින් සඳහන් කර ඇත්තේ “ඔබ වහන්සේට සජිත් මහත්තයා කොළඹ විරෝධතාවලට සෙනඟ ගෙනෙන විට, ශ්රී ලංකා නිදහස් පක්ෂය සෙනග ගේනවිට එයටත් විරුද්ධ වීමට තිබුණා“ යනුවෙනි.
එහිදී සුමිත්ත හිමියන් තමන් වැඩ සිටින්නේ කොළඹ නොව කල්පිටියේ බවත් තමන් දැක්වූ ඒ සාධාරණ විරෝධයට මල්වතු අස්ගිරි නාමිහිමිවරුන්ද තමන් වහන්සේට ප්රශංසා කළ බවත් සඳහන් කර තිබේ.
එහිදී ඩෑන් ප්රියසාද් මෙම මහ නාහිමිවරුන්ද ඉන්නේ පූජාවට්ටි අතගසමින් ඉන්නට බවත්, බණක් පිරිතකට සම්බන්ධවන ආකාරයවත් දැක නැති බවත් කියමින් මහා නායක හාමුදුරුවරුන්ට බැණ තිබේ.