වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු!

ඉදිරියේදී ප්‍රමුඛතා පදනම මත වාහන ආනයනයට අවසර ලබාදීමේ හැකියාව පිළිබඳව විශේෂ  කමිටුවක් විසින්  අධ්‍යයනය කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු අද (15) මාධ්‍ය හමුවේ කියා සිටියේ  සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට දැනටමත් අවසර දී ඇති බව ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1500ක් පමණ ආනයනය සීමා කර තිබූ බවත් වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා තිබූ සීමා මේ වන විට ඉවත් කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

“වාහන ආනයනයට අදාළ කරුණු පිළිබඳව විශේෂ කමිටුවක් අධ්‍යයනය කරමින් සිටිනවා. කුමන වර්ගයේ වාහන අත්‍යවශ්‍යද, පාවිච්චි කළ වාහන ආනයනය කරන්නේද, පාවිච්චි කළ වාහන මොනවාද (භාවිතා කළ වසර ගණන), වාහනවල ඉන්ධන පරිභෝජනය සහ මාර්ගවල ධාරිතාව පිළිබඳව කමිටුව සොයා බලනවා,” ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට යළි අර්බුදයකට නොපැමිණීමට වගබලා ගනිමින් රටේ අවශ්‍යතාවය සලකා බලා ප්‍රමුඛතා පදනම මත ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර දෙන බවද ඇමැතිවරයා කීය.

Exit mobile version