වායුගෝලයට පැමිණි විසේ බලපෑම ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙන පණිවිඩය….

covid

ශ්‍රියානි විජේසිංහ  –                                        

ඉන්දියාවේ සිට මෙරට  අවකාශයට පැමිණ ඇති විෂ සහිත අංශු  කුඩා දරුවන් ගර්භනී මව්වරුන්ට , නිධන්ගත රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ට සහ වයස්ගත වූවන්ට අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි බැවින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වනස රෝග පිලිබදව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා   ජනතාවට දැනුම් දී සිටියි.

එළිමහනේ ගමන්බිමන්වල යෙදීම හැකි පමණ අවම කරන ලෙසත්  නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආරවරණයක් නිසිලෙස පැලදීමට වගබලා ගන්නා ලෙසත් විශේෂඥවරයා ඉල්ලා සිටියි.

මෙම විෂ සහිත අංශු මාත්‍රා ස්වනස රෝගීන්‌ගේ රෝග තත්ත්වය වැඩි කිරීමටත් නව රෝගීන්  ඇති කිරීමටත්  හේතුවක් විය හැකි  බැවින් ශ්වසන රෝගයන්ට ප්‍රතිකාර ගත් අය එය නොකඩවා ලබා ගැනීමට කටයුතු කරන්නැයි වෛද්‍ය චන්නද සිල්වා ඉල්ලා සිටී.

මෙම විෂ  වායු තත්ත්වය  පුද්ගලයෙකු‌ට කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව රෝගයන් ඇති කළ හැකි බවත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව  කෙටිකාලීන  රෝගයන් ඇතිවන නමුත් මෙවැනි තත්තවයන්ට දීර්ඝකාලීනව නිරාවරණ වුවහොත්    පිළිකාමය තත්ත්වයන් උවද   ඇතිවිය හැකි බව හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මේ දිනවල  කුඩා දරුවන් අතර   රෝගකාරක වෛරස් ගණනාවක්ම පැතිර යන බැවින් මුවආවරණයන් පැළදීම සිදුකරන ලෙසත්  ශ්වසන රෝගයන්ට දීර්ඝකාලීනව  ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ ප්‍රතිකාරයන් වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව නතර නොකරන ලෙසත්    විශේෂඥවරයා දැනුම් දෙයි. 

Exit mobile version