වාද විවාද ගැටලු රැසක් මැද දළදා පෙරහර සැරසූ තරුණ නර්තන ශිල්පියාගේ කොවිඩ් සිරුර මහයියාවේ ආදාහනය කරයි.

Dalada

මහනුවර ජාතික රෝහලෙන් මතුගමට ගෙන යාම සඳහා ඉල්ලා තිබූ වයස අවුරුදු දහනවයක් වන කොවිඩ් ආසාදිත තරුණ නර්තන ශිල්පියාගේ මළ සිරුර මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී අද පස්වරු දෙකට ආදාහනය කරනු ලැබීය.

මෙම මළ සිරුර ආදාහනය කිරිමට කටයුතු යොදා තිබුණේ ඉකුත් හත්වැනිදාය.

මරණ පරික්ෂණය සඳහා මතුගමසිට පැමිණ සිටි ඥාතින් මළ සිරුර මතුගම ට ගෙනගොස් එහිදි ආදාහනයක කිරිමට අවශ්‍ය බව කියමින් රෝහලෙන් ඊට කටයුතු කර දෙන ලෙස ඉල්ලා තිබිණි. කොවිඩ් නිරෝධායන නීති රීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් සහ දේශපාලකයින්  පසුගිය  7දා  මතුගමට දේහය ගෙන යාම සඳහා  පුද්ගලික මල්ශාලාවකට භාරදිමට  රෝහල් අධ්‍යක්ෂවරයා  අවසර දි  තිබිණි. කටයුතු එසේ සිදු වුයේ දේශපාලඥයකුගේ සහ නිළමේවරයකුගේ බලපෑම මත බවට රාවයක්ද පැතිර තිබිණි.


මලසිරුර ගෙන යෑම සඳහා සියල්ල සූදානම් කර තිබිණි.

මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ඉදිරියේදි මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල මරණයට පත්වන පිටපලාත්වල කොවිඩ් ආසාදිත මලසිරුරු ඒ ඒ පදිංචි ප්‍රදේශවලට ගෙන ගොස් ආදාහනය කිරිමට අවසර ඉල්ලුවහොත් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවන බවට සෞඛ්‍ය බලධාරින් සහ සෞඛ්‍ය සේවකයින් ඇති කල ප්‍රශ්න කිරිම්  අර්බුදයක් ඇති කළේය.

මෙම ගැටලුවට  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පනාපිටිය මහතා ට ද මැදිහත් වීමට සිදුව තිබිණි.  කොවිඩ් නිරෝධායන නීති රීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ් ආසාදිත මළසිරුරක් ආදාහනය කළ හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බවටත් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා හෝ පැමිණ දේහය භාර නොගත හොත් කිසිදු විටෙකත් කොවිඩ් ආසාදිත දේහයක් ඥාතින්ට භාරදිය නොහැකි බව හෙතෙම කියා තිබිණි.

එම කරුණු සියල්ල හමුවේ එදින මැණික්හින්න පිහිටි කොළඹ මල් ශාලාව හරහා මළසිරුර මතුගමට ගෙන යාමට සියල්ල සූදානම් කර තිබියදි නතර කෙරිණි.

මෙලෙස ආදාහනය කරනු ලැබූයේ , දළදා පෙරහරේ පත්තිනි දේවාලයේ පන්තේරු නර්තන කණ්ඩායමේ සිටි නර්තන ශිල්පියාගේ දේහයය.

මෙම තරුණයා ඉකුත් දහහත් වැනි දින  රාත්‍රියේ පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ ඉකුත් තුන් වැනිදාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එදින සිට මේ දක්වා දින හයක් මළ සිරුර රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබිණි.

Exit mobile version