ව්‍යාපාරවලට සුදුසු රටවල් අතර චීනය ඔසවන්න ලෝක බැංකු ලොක්කන් ගැසූ ගැට එළිවෙයි

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ව්‍යාපාරකරණයට සුදුසුම රටවල් (Doing Business Report ) වාර්තාවේ ව්‍යාපාරකරණයට සුදුසු රටවල් අතර චීනය ඉහළට දැමීම සඳහා ලෝක බැංකුවේ එවකට සභාපති ජිම් යොන් කිං සහ ප්‍රධාන විධායක නිලධාරිනිය එම දර්ශකය සකසන කණ්ඩායමට අයුතු බලපෑම් කළ බවට රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. එවකට ලෝක බැංකු ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ක්‍රිෂ්ටිනා ජෝර්ජියේවා වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන අතර මේ හේතුවෙන් මෙම අනාවරණය ඇයගේ ක්‍රියාකලාපය ආන්දෝලනාත්මක වී තිබේ.

බැංකුවේ ආචාර ධර්ම කමිටුවේ ඉල්ලීම පරිදි නීති සමාගමක් වන විල්මර්හේල් නම් ආයතනය විසින් සකස් කරන ලද මෙම විමර්ශණ වාර්තාව තවදුරටත් පවසන්නේ 2018 වසරේ වාර්තාව සැකසීමේදී මෙම අකටයුතුකම් සිදුව ඇති බවයි. මෙම චෝදනාව හේතුවෙන් පසුගියදා ලෝක බැංකුව මෙම වාර්තාව සම්පූර්ණයෙන් අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර බැංකුවේ සදාචාර කමිටුව සහ මෙම විවාදිත වාර්තා මඟින් ලෝක බැංකුවේ හිටපු ප්‍රධානීන් ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සදාචාරත්මක ගැටලු පැන නැගී ඇති බව සඳහන් කර තිබේ.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙකේම වැඩිම කොටස් අයිකියක් ඇමෙරිකාවට හිමි වන අතර එම කළමනාකරණය කිරීමේ වගකීම දරන්නේ අමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේනතුවයි.මේ අනුව ඇමෙරිකානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත්තේ මෙම බරපතල සොයා ගැනීම් සම්බන්ධයෙන් තමන්ද විශ්ලේෂණය කරන බවය.
ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් දර්ශකයේ චීනය ඉහළ නැංවීම සඳහා වාර්තව සැකසීමේ ක්‍රමවේදය වෙනස් කරන ලෙස හිටපු ලෝක බැකු සභාපති ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සේවකයින්ගෙන් සෘජුව ” බලපෑම් කිරීම විල්මර්හේල් වාර්තාවෙන් උපුටා දක්වා ඇති අතර, එය බොහෝ විට ඔහුගේ මෙහෙයවීම මත සිදු වූ දෙයක් විය හැකි බවට වාර්තාවේ සඳහන් වෙයි.


ලෝක බැංකුවේ විශාල ප්‍රාග්ධන වැඩිවීමක් සඳහා චීනයේ සහයෝගය අපේක්ෂා කරන අවස්ථාවක ජෝර්ජීවා සහ ප්‍රධාන උපදේශක සිමියොන් ජැන්කොව් “චීනයේ දත්ත ස්ථාන වල නිශ්චිත වෙනස්කම් සිදු කරන ලෙස සහ ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවන ලෙස කාර්ය මණ්ඩලයට බලපෑම් කළ බව එහි සඳහන් ය.
මූලික කෙටුම්පත් වාර්තාව හා සසඳන විට දත්ත ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීමෙන් පසු 2017 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ‘ඩුයින් බිස්නස් 2018 (Doing Business 2018) ’ වාර්තාවේ චීනයේ ශ්‍රේණිගත කිරීම ස්ථාන 7 ක් ඉහළ ගොස් 78 වන ස්ථානයට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනාවරණයෙන් මහත් අපහසුතාවකට මුහුණ දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ජෝර්ජියේවා මහත්මියයි. ඇය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.

Exit mobile version