වහ දාපු මුං ඇට කවුපි වෙළෙඳපලේ… විස පොල්තෙල් තොගත් ඇවිත්… කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු කියති!

ශ්‍රියානි විජේසිංහ  –                                                 

මිනිස් පරිභෝජනය නුසුදුසු රසායනික් ද්‍රව්‍ය යෙදූ මුංඇට සහ කව්පි වෙළඳපලේ පැවතින බැවින් උත්සව සමය තුළ එවැනි ධාන්‍යවර්ග මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිිටියි. 

ධාන්‍යවලට කෘමීන් සිදුකරන හානිදායක තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා කූඨ වෙළෙඳුන් විසින් මෙසේ රසායනික ද්‍රව්‍ය යොදන බව සංගමයේ සභාපති උපුල් රෝහණ  පැවසුවේය.

වෙළඳපලේ පවතින මෙවැනි සැක කටයුතු ධාන්‍ය වර්ග රජයේ රස පිරික්ෂකවරයා වෙත යොමු කර  ඒවායේ අන්තර්ගතව පවතින විස රසායනිකයන් හඳුනා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි හෙතෙම පැවසුවේය. 

විෂ රසායනිකයන් එක්කර අලෙවි කරන මෙවැනි ධාන්‍ය ඇතුළු භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන අතරම පරිභෝජනය නුසුදු ආහාර වෙළඳපලෙන් ඉවත් කිරිමට කටයුතු කන බවද ඔහු පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මේ දිනවල ප්‍රමිතියෙන්  බාල පොල්තෙල් වෙළඳපලේ අලෙවි වන බැවින් ඒවා පිලිබඳව සොයා බැලිම් සිදුකර මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළඳපලෙන් ඉවත් කිරිමටත් ඒවා විනාශ කිරීමටත් කටයුතු කරමින් පවතින බව උපුල් රෝහණ   පැවසුවේය.

Exit mobile version