වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් කොමිසම විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නව පත්කිරීම් 08ක් ද ස්ථාන මාරු කිරීම් 04ක් ද සිදුකර තිබේ.
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එල්.එල් විජේරත්න කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.පී.එල් ප්‍රදීප් කුමාර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ සිට හංවැල්ල පොලිස් ස්ථානාධිපති ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් ජයවීර කුලියාපිටිය කොට්ඨාසයේ සිට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසත්, ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ.වී.ද සිල්වා සේවාස්ථ පුහුණු කොට්ඨාසයේ සිට තංගල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙසත් පත් කර තිබේ.
තවද ප්‍රධාන පොලිස් පරික්ෂක වී.ඩබ්ලියු ඉන්ද්‍රජිත් කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ සිට කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.සී රන්ජිත් මිගමුව කොට්ඨාසයේ සිට මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එම්.ඒ කරුණාරත්න ගල්කිස්ස කොට්ඨාසයේ සිට කොටවිල පොලිස් ස්ථානාධිපති ලෙසත්, පොලිස් පරීක්ෂක කේ.ඩී.පී සිරිවර්ධන පානදුර කොට්ඨාසයේ සිට දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති ලෙසත් පත් කර තිබේ.
එමෙන්ම අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර, ගිරිබාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.බී.අරුණසිරි, බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අයි.ඩී.කේ.ආර්.ඉද්දගොඩ, උඩවලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ටී.බී. පිලපිටිය ස්ථානාධිපති තනතුරුවල සිට සාමාන්‍ය රාජකාරිවල යොදවා තිබේ.