වහාම එන්නතේ තුන්වන මාත්‍රාවක් සෞඛ්‍ය සේවකයන්ට දෙන්න… ජී.එම්.ඕ.ඒ

වසර 2021  අවසාන භාගය වන විට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි භයානකම  තර්ජනය වන්නේ වර්තමාන එන්නත්කරණය මගින් ඇති කර තිබෙන ප්‍රතිශක්තිකරණය මගහැර යාමට සමත් ශ්‍රී ලාංකීක දරුණු කොවිඩ් වයිරස් ප්‍රභේදයක් අලුතින් හටගැනීමට ඇති හැකියාව  යැයි ද  තෙවන එන්නත් මාත්‍රාවක් රටේ ජනතාව සඳහා ලබා දීමට සැලසුම් කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු කියයි.

එමෙන්ම  සෞඛ්‍ය සේවකයින් සදහා කොවිඩ් එන්නත්  තුන්වන මාත්‍රාවක් වහාම ලබා දෙන්නැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින  සෞඛ්‍ය සේවකයින් මේ වන විට කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත්වෙමින් සිටින බවද සංගමයේ ලේකම් වරයා පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවකයින් අතර මේ ආකාරයෙන් කොවිඩ් රෝගය පැතිර ගියහොත් සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට එල්ල වන බැවින් එය වලක්වා ගැනීම සදහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන්නැයි ලේකම්වරයා රජයෙන් ඉල්ලා සිටියි.

Exit mobile version