වස පොල්තෙල් කොටසක් ප්‍රති අපනයනය කෙරේ… කන්ටේනර් හයක් නැවත මැලේසියාවට

Black metal oil barrels on white background.

මැලේසියාවේ සිට මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලාටොක්සීන් නැමැති උග්‍ර පිළිකාකාරය සහිත පිරිපහදු නොකළ බොර පොල් තෙල් තොගයෙන් කොටසක් අද ප්‍රති අපනයනය කරනු ලැබුවේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණේ කටාන රෙෆයිනරිස් පුද්ගලික සමාගම විසින් ප්‍රති අපනයනය කිරීමට සූදානම් කළ බොර පොල්තෙල් මෙට්‍රික් ටොන් 106ක්  අඩංගු බහාලුම් 06ක් රැගන යෑමට නියතමිතව ඇති බාබරා නැමැති නෞකාව කොළඹ වරායේ එස්.ඒ.ජේ.ටී පර්යන්තයට මේ වනවිට පැමිණ තිබෙනව බවය.

එම බහාලුම් හය නැව් ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.   සමාගම් තුනක් විසින් මෙරටට ගෙන්වා තිබූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය අඩංගු බව ඉකුත් මාර්තු මාසයේ  දී තහවුරු විය. පසුව අදාල සමාගම් කළ ඉල්ලීම්වලට අනුව එම පොල්තෙල් සාම්පල යළිත් වරක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පරීක්ෂාවට ලක් කෙරිණි.


එහිදී ද තහවුරු වුණේ එම පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය ඉතා ඉහල මට්ටමකින් අඩංගු වී ඇති බවය.ඒ අනුව එම පොල්තෙල් තොග සියල්ල ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කෙරිණි. ඒ අනුව අද නැව් ගත කරන පොල්තෙල් තොගය ඒවා මෙරටට ගෙන්වූ මැලේසියාවටම පිටත් කිරීමට කටයුතු යොදා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version