වසූරිය තුරන් කිරීමට දායක වූ වෛද්‍යවරයා කොවිඩ් ගැන කරන අනතුරු ඇඟවීම

වසූරිය ලෝකයෙන් තුරන් කිරීමට දායක වූ ලෝ ප්‍රකට වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලැරී බ්‍රිලියන්ට් කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රෙභ්ද හට ගැනීමේ ප්‍රවණතාව පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ මෙම වයිරසයේ වෙනස් වන වන ප්‍රභේද හේතුවෙන් රෝගය වළක්වා ගැනීමේදී පවතින එන්නත්කරණ වැඩසටහනින් ඔබ්බට ගිය පෙර සූදානමක් පැවතිය යුතු ම බවය.
ඔහු එසේ පවසා ඇත්තේ සී.එන්.එන් රූපවාහිනිය සමඟ සිදු කළ සාකච්ඡාවකදීය.වෛද්‍ය බ්‍රිලියන්ට් එහිදී සඳහන් කර ඇත්තේ ඔහු වඩාත් අවධානයට යොමු කරන කරුණ වන්නේ කොවිඩ් 19 වයිරසයේ අලුත් ප්‍රභේද හට ගැනීම ගැන නොව එම හට ගැනීම්වල වේගවත් බව පිළිබඳව බවය.
“මට වැඩිපුර බිය තිබෙන්නේ කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද නිර්මාණය වෙන එකගැන නොවෙයි. අපි ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒත් මෙම වයිරසය ඉතා වේගයෙන් තම ස්වභාවය වෙනස් කර ගන්න බවක් පේනවා. සතියෙන් සතිය අපට අලුත් ප්‍රභේද හමුවෙනවා. එය සැලකිල්ලකට ගත යුතු තත්ත්වයක්.

ඔහුට අනුව දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොවිඩ් වෛරස ප්‍රෙභ්දය මේ වනවිටත් ඇස්ට්‍රාසනෙකා ඔක්ස්ෆර්ඩ් එන්නත හමුවේ සියයට 90ක්ම මෙල්ල නොවන බව පෙනී ගොස් ඇත. බ්‍රසීලයෙන් හමුවූ එක් ප්‍රභේදයක් යළි යළි ආසාදනය වීමේ තත්ත්වයක් පෙන්නුම් කර ඇත. බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව ප්‍රෙභ්දය ඉතා වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපට පෙනෙන මානයක හැකි තරම් ඉක්මනින් එන්නත්කරණය හැරන්නට වෙනත් පසු සැලැස්මක් නෑ. ඒ නිසා කළ යුත්තේ හැකි තරම් රෝගීන් හඳුනා ගැනීම, වෙන්කර තැබීම සුදුසු පරිදි එන්නත් කිරීම වැනි පියවර. වැදගත්.“
මෙසේ පවසන වෛද්‍ය බ්‍රිලියන්ට් පවසන්නේ එක් එක් ප්‍රභේදයට උපරිම සාර්ථකත්වය දෙන එන්නත් හඳුනා ගැනීමත් එන්නත් කළ අයට පසුව යළි ප්‍රතිශක්ති වර්ධක වැඩිදියුණු කිරීමත් අනාතයේදී මේ සම්බන්ධයෙන් අවධානය කළ යුතු කටයුතු විය හැකි


Exit mobile version