වසර 04 සිර දඬුවම ගෙවීමට රන්ජන් රාමනායක අඟුණකොලපැලැස්සට  

විශේෂ ආරක්ෂාවක් තියන නිසා අඟුණකොලපැස්සට යැව්වා... බන්ධනාගාර කොමසාරිස් කියයි...

කීර්ති ප්‍රනාන්දු –

මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධායන මධ්‍යස්ථානයේ විශේෂ කුටියක දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක ඊයේ (26) දහවල් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීය.

අඟුණකොල පැලැස්ස බන්ධනාගාර රෝහලේ විශේෂ කුටියක තවත් දින හතක් නිරෝධායනයකින් අනතුරුව ඔහු බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිත බවත් දඬුවම් කාලය අවසන් වනතුරු එම බන්ධනගාරයේම රඳවා තැබීමට නියමිත බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය කීවේ මන්ත්‍රීවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේම රඳවා තැබීමට කටයුතු කර ඇත්තේ එම බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙන නිසා බවය.


 

 

 

 

Exit mobile version