වසර දහස් ගණනක් පැරණි මෙගලිතක සුසානයක් විනාසයි.. දිඹුලාගල හිමිවරු කියති…

සොහොන් ගණනක් පුරාවස්තු සංහාරකයින් විනාශ කරලා...  ජාතිය වෙනුවෙන් මේ බිම සංරක්ෂණය කරන්නැයි හිමිවරු ඉල්ලති...

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොනන්නරුව ඵෙතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නුදුරින් සොරුවිල ගම්මානයට ආසන්නයේ අක්කර දෙකක පමණ භූමියක පැතිරුණු  ඉපැරණි සොහොන් සීයකට ආසන්න ප්‍රමාණයක්  විනාශ වෙමින් යන බව දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ භික්ෂුන් වහන්සේලා වාර්තා කරති.

දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ඇතුලු එම සංඝ සභාවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් අද (22) උදෑසන ඒ පිලිබඳ නිරික්ෂණය කිරීමට යෑමේදි එම සොහොන් කිහිපයක් නිදන් හොරුන් විසින් විනාශකර ඇති අයුරුද දැකගත හැකි විය.

සොරුවිල මෙගලිතික සොහොනක්…

අඩි තුනක් පමණ දිගැති සහ අඩි තුනක් පමණ පළලැති කලුගල් ලෑලි වටකර ඇති මෙගලිතික යුගයට අයත් යැයි සැලකිය හැකි එම සොහොන් පිළිබඳ විමර්ශනය  කර ඒවා ආරක්ෂා කිරීමට වැඩ පිළවෙළක් වහා සකසන ලෙස තමන් රජයෙන් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අදහස් දක්වමින් පැවසුහ.


මිට අමතරව සොරුවිල කොටරාගල පිහිටි ඉපැරණ චෛත්‍ය, සෙල් ලිපි සහිත ලෙන් රැසක් නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව දැක ගත හැකි වීය.

එම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් මතුපරපුරට දැක බලා ගැනිමේ සංරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද බුද්ධශ්‍රාවක සංඝ සභාව රජයෙන් ඉල්ලීමක කර සිටිති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නුදුරින් සොරුවිල ගම්මානය ආසන්නයේ හමු වි ඇති එම ඉපැරණි සොහොන් පිලිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලකගෙන් දුරකථනයෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සොරුවිල ප්‍රදේශයේ මෙගලිතික සොහොන් 80-100 ක් පමණ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කර තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල එහි පරීක්ෂණ කැණීමක් කර තිබෙනවා.  ඒ සොහොන්  සහිත භූමියේ අයිතිය තිබෙන්නෙ මහවැලි අධිකාරියට. මේ වනවිට ඒ ඉඩම් පුරවාද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා අවශ්‍ය මූලික මැණුම් කටයුතු කරනෙ යනවා .   “  ඔහු කීවේය.

Exit mobile version