බ්‍රිතාන්‍යයේ එලසබෙත් මහ රැජින වසර ගණනාවකට පසු ප්‍රථම වරට රැයක් රෝහලේදී ගතකර ඇත.
95 හැවරදි වියේ පසුවන මහ රැජින ඉකුත් බදාදා පුද්ගලික රෝහලකට ඇතුලත් වී ඇති අතර බ්‍රහස්පතින්දා දහවල් වන විට යලිත් මාලිගයට පැමිණ තිබේ.
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා රැජින රෝහලට ඇතුලත් වී ඇති අතර ඇය ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිම්හැම් මාලිගය ප්‍රකාශ කරයි.
රැජිනගේ රෝහල් ගත කිරීම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නොවන බවත් ඉදිරි දින කිහිපය ඇය විවේක ගැනීමට නියමිත බවද වාර්තා වේ.
ඒ අනුව මහ රැජින උතුරු අයර්ලන්තයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කළ අතර එම සංචාරයේදී රාත්‍රියක් එහි ගත කිරීමට ඇය සැලසුම් කර තිබිණි.
ලොව වයස්ගතම සහ වැඩිම කාලයක් කිරීටය දරා සිටින තැනැත්තිය වන්නේද ඇයයි.