වසංගතය මර්ධනයට 85% එන්නත් දීම අවශ්‍යයයි… තවම ලබා දී ඇත්තේ 01%ට පමණයි…

කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා රටේ ජනගහණයෙන් සියයට 85ට හෝ එන්නත් ලබා දිය යුතු නමුත් මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකිව ඇත්තේ සියයට 1කට පමණ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සියයට එකක ප්‍රමාණය හෙවත් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ සෞඛ්‍ය අංශවල හා  කොවිඩ් මර්දන වැඩපිළිවෙලේ ඉදිරිපෙළ ආරක්ෂක නිලධාරීන්ට බවද ඔහු පෙන්වාදේ.

.කෙසේ නමුත් කොවිෂීල්ඩ්  , සයිනොෆාම්  හා ස්පුට්නික් එන්නත මේ වන විට ජනතාවට යම් ප්‍රමාණයන්ගෙන් ලබා දිම ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී ෆයිසර් එන්නතද ලබා දීමට කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා පැවසීය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මේ වන විටත්  එම එන්නත නිෂ්පාදනය කරන රටවල් හා එම එන්නත මිලදීගෙන භාවිතයට නොගන්නා රටවල් සමග සාකච්ඡා පැවැත්වීම දිගින් දිගටම සිදු කරන බවත් ඉදිරියේදී කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බැවින් එය ලැබුණු වහාම එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමට හැකිවනු ඇතිබවත් ඔහු අවධාරණය කළේය.

Exit mobile version