වවුනියා නගර සභාවේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීනී ධර්මදාස පුංචිකුමාරී කොවිඩ් ආසාදිතව මිය යයි!

දිනසේන රතුගමගේ –

වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රීනී පී.ධර්මදාස පුංචිකුමාරී කොරෝනා රෝගය ආසාදනය වීම නිසා ඊයේ 20 දා මිය ගොස් තිබේ.

වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මන්ත්‍රීවරියට කොරෝනා රෝගය වැළඳීමෙන් පසුව ඇය වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා සිටි අතර ඉන් පසුව ඇය මිය ගොස් තිබේ.

මියගිය මන්ත්‍රීවරිය පළාතේ දෙමළ හා සිංහල ජනතාව සමග ඉතා සුහදව කටයුතු කළ  සමාජ සේවිකාවක් වූවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාගරික මන්ත්‍රීවරියගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද 21 දා වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී සෞඛ්‍ය නීති රීති  වලට අනුව සිදු කිරීමට නියමිතය.

Exit mobile version