දිනසේන රතුගමගේ
වවුනියාව නුවර පාරේ පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව ඊයේ ( 6 ) තීරණය කොට තිබේ.
ඒ අනුව දැනට වසා දමා තිබෙන එම ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි යුද හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කොට තිබේ.
උතුරු පළාතෙන් හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම දැනට පවතින රෝහල්වලට අමතරව අතිරේක රෝහල් ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව මෙම ආර්ථික මධ්‍යස්ථානය කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.