වව්නියා උපන්දින සාදයේ අඹු සැමි යුවල ඝාතකයන් 24 තෙක් රිමාන්ඩ්…

ඝාතනය වූ තරුණ යුවල....

දිනසේන රතුගමගේ –

වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයකට ප්‍රහාරයක් එල්ල කොට අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ චෝදනාව මත  අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හය දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව  මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් අද (11) නියෝග කළේය.

මෙම සැකකරුවන් හය දෙනා එදිනට හඳුණා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරණ ලෙසද එම පෙරෙට්ටුව සඳහා උපන් දින සාදයට සහභාගී වී  සිද්ධිය සිදුවන  අවස්ථාවේදී නිවසේ සිටි සියළු දෙනා අධිකරණ පරිශ්‍රය වෙත කැදවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2023 ජූලි මස 23 වෙනිදා වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ නිවසක ආරම්හ වූ උපන් දින සාදයක් පසුදා පහන් වන තුරුම පැවති අතර අළුයම් කාලයේදී නිවසට ඇතුළු වූ පිරිසක් නිවසේ උදවිය කඩු වලින් කපා කොටා නිවසට ගිනි තැබීම නිසා අඹුසැමි යුවලක් මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලැබීය.

පෙම් පලහිලව්වක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට මේ වන විට විමර්ශන අංශ විසින් හෙළිදරව් කරගෙන ඇත.


මෙම තරුණ පුද්ගලයා මරා දැමීම සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක්  කොන්ත්‍රාත්තුව වශයෙන් ලබා දීමට වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයන්ට පොරොන්දු වී තිබේ.

වවුනියාව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  දියත් කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට  ගැනීමට හැකි වූවත් රුපියල් ලක්ෂ විසිපහෙන්  කොටසක් කොන්ත්‍රාත් මුදල වශයෙන් ලබා ගත් තැනැත්තා හා මෙම ඝාතනයන්ට   සම්බන්ධ බව කියන අනෙක් සැකකරුවන් හතර දෙනා   දෙනා අත් අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසියට මෙතෙක් නොහැකි වී තිබේ.

සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  35 හැවිරිදි සුගන්දන්  සහ ෆාතිමා සසීමා අඹු සැමි යුවල වන අතර ඔවුන් උපන් දින සාදය පැවැත්වූ නිවසේ  අයිතිකරු වන සුරේෂ් නැමති අයගේ ඥාතී පවුලකි.

එම පවුලේ ස්වාමිපුරුෂයා ඕමන්ත පළාතේ ග්‍රාම නිලධාරීවරයෙකු සමග ප්‍රේම සබදකමක් පවත්වා ගෙනා යන අතර වාරයේ තවත් පුද්ගලයෙකු ග්‍රාම නිලධාරීවරිය සමග පෙමින්  වෙළීමෙන් පසුව අලුත් පෙම්වතා පැරණි පෙම්වතාව ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට වවුනියාව පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා පොලිස් අපරාධ විමර්ශ්න කොට්ඨාශය තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version