වව්නියාව තෙල් පෝලිමක කඩු සටනක්… තුවාල සහිතව පහක් රෝහලේ…

දිනසේන රතුගමගේ –

වවුනියාව  ආණ්ඩියාපුලියන්කුලම ප්‍රදේශයේ පිහිටි  ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පසුව ඊයේ (19) එක් පුද්ගලයෙක්  කඩුවකින් කොටා පෝලිමේ සිටි පිරිසක් කපා දැමීම නිසා පස් දෙනෙකු තුවාල ලබා  සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාලකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් තුන් දෙනා සුළු තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වවුනියාව  පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.


මෙම ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි පිරිසක් අතර මුලින්ම ආරවුලක් ඇති වී එක් තරුණයෙකු විසින් තවත් තරුණයින් දෙදෙනෙකුට පහර දී තිබේ,

පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනා පෝලිමෙන් ඉවත් වී නිවසට ගොස් ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සමග පැමිණ මුලින්ම පහර දුන් පිරිසට කඩු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තුන් දෙනෙකු තුවාල ලබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version