වව්නියාවට සීනි කර්මාන්ත ශාලාවක්…. තායිලන්ත ආයෝජකයෙක් ආයෝජනයට සැරසෙයි!

දිනසේන රතුගමගේ –

වවුනියාවේ නයිනමඩු ප්‍රදේශයේ අක්කර 500 ක භූමියක   සීනි කර්මාන්ත ශාලාවක් අළුතින් ආරම්භ කිරීමට  තායිලන්ත සමාගමක් ඉදිරිපත් වී සිටියි.

අක්කර 500 ක භූමිය තුළ අළුතින් උක් වගා කිරීමටත්  එම භූමිය තුළ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් 2018 වසරේදී මූලික කටයුතු ආරම්භ කළත්  එවකට ඉදිරිපත් වූ සීනි නිෂ්පාදන  සමාගමක්  ඔවුන්ගේ අදහස අත්  හරීම නිසා මෙම කර්මාන්ත ශාලවා පිහිටුවීම නවතා දමන ලදී.

මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වා ඇති තායිලන්ත සමාගමක් අක්කර 500ක භූමියේ වගා කරණ උක්දඩුවලට අමතරව වවුනියාවේ සෙසු පළාත් වල ගොවීන්ද උක් වගා කිරීම සඳහා පොළඹවා ඔවුන්ගෙන් උක්දඬු මිලට ගැනීමටද බලාපොරොත්තු වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාවේ නයිනමඩු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සීනි කම්හල සම්බන්ධයෙන් Ceylon Sugar Industries Holdings (Pvt.) Ltd    සමාගම තොරතුරු හෙළි කිරීමෙන් පසුව තායිලන්තයේ Sutech Engineering   නැමති සමාගම   මේ කටයුත්ත සදහා ඉදිරිපත් වී සිටියි.


Exit mobile version