වව්නතිව් පොලිස් නිලධාරීන් ගේ ඝාතකයන් පාස්කු කොමිසමේ දී හෙළි වේ…

අතුරුදන් වූ රාජකාරි ගිනි අවි දෙක පාස්කු ප්‍රහාරකයන්ගේ නින්දවූර් නිවසින් හා ලැක්ටෝස්වත්තෙන් හමුවෙලා.

වර්ෂ 2018  නොවැම්බර් 30 වනදා උදෑසන වව්නතිව් පොලිස් මුරපොල තුළ ඝාතනය කර සිටියදී හමු වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අතුරුදන් වූ රාජකාරි ගිනි අවි දෙක පාස්කු ප්‍රහාරකයන්ට අයත් නින්දවූර් නිවසින් සහ ලැක්ටෝස්වත්තෙන් සොයා ගැනුණු බව  පාස්කු ප‍්‍රහාරය පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ  හෙළි කළේය.

ඔහුගේ සාක්ෂිය අනුව කියැවුනේ  ඔහු  2019 වසරේ අප්‍රේල් 26 වන දින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ලගේ උපදෙස් පරිදි කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ගොස් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු වන ‘‘මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ”‍ නැමැත්තා සිය භාරයට ගත් පසු මෙම තොරතුරු හෙළි දරවු වූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගෙන් කළ ප්‍රශ්න කරීම්වලදී මෙම ගිනි අවි දෙක ඇතුළු තවත් ගිනි අවි හා පුපරණ ද්‍රව්‍ය රැසක් මෙන්ම සිද්ධියට සම්බන්ධ ඉතා වැදගත් කරුණු සමූහයක් අනාවරණය වූ බව හේ කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.


Exit mobile version