වරාය නගරය පාලනයට කොමිෂන්වරු පත් වෙති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා අද (31) සාමාජිකයන් 07ක් පත් කරනු ලැබුවේය.commision
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ( මැද)  සභාපතිත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය,  ( වමේ ඉහළ ), මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල ( වමේ පහළ),  මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි ( පහළ මැද) ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ( දකුණ පහළ කෙළවර), මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා ( දකුණේ කළෙවර) සහ  ඕරල් කෝපරේෂන් සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කුය.

එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද අද (31) සිදු කෙරිණ .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 148කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඉකුත්(20)වැනිදා සම්මත වීමෙන් අනතුරුව ගෙවුණු 27 වැනිදා කතානායකවරයා විසින් අත්සන් කිරීමෙන් රටේ බලාත්මක නීතියක් බවට පත් විය.

Exit mobile version