වර්ජනය මැද්දේත් වැඩ කරන සේවකයින් ගැන රජය කියයි!

වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඔවුන්  වැඩිදුරටත් පැවුසවේ, සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම වෙනුවෙන් පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 300 ක් යොදවා ඇති බවය.

වර්ජනය පැවතිය ද අද (15) උදෑසන දුම්රිය ගමන් වාර 20  ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී  ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ  ප්‍රකාශ කරයි. සාමාන්‍ය කාර්යාල දිනයක දී දුමරිය ගමන්වාර 45ක් පමණ කොළඹට ධාවනයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද  බෙලිඅත්ත,ගාල්ල, අවිස්සාවේල්ල, මහනුවර,රඹුක්කන ,අලුත්ගම, හා මහව යන ප්‍රදේශවල සිට මෙම දුම්රිය ධාවනය කර ඇත. පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.


Exit mobile version