වයස්ගත යුවලක් මරා දේපල කොල්ල කෑමට කළ සැලසුම්ක් වරදී… අපරාධයට පෙර සැකකරුවන් කොටු වෙයි…  

ලලිත් චාමින්ද 

බැටරි සොරකමක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු විසින්  පොද්දල බලගොඩ ප්‍රදේශයේ වයගත් යුවළක් ඝාතනය කොට  ඔවුන්ගේ දේපල හා මුදල් කොල්ලකැමට කරණු ලැබු සැලසුමක් පිළිබද  තොරතුරු අනාවරණය කරගැනිමට හැකිවු බව පොද්දල පොලිසිය පවසයි.

මෙම  සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විම නිසා එම සැලසුම වැලකී ගිය බවද පොලිසිය පවසයි.

ගාල්ල වක්වැල්ල මොල්ලගොඩ ප්‍රදේශයේ  රථවාහන සදහා සේවා පහසුකම් සපයන ආයතනයකින් මෙම සැකකරුවන් දෙදෙනා විසින්  බැටරි 03ක් සොරකම් කොට තිබුණි.

එම බැටරිවල වටිනාකම රුපියල් 1.70000කි. පොලිසිය විසින් සි.සි.ටි. වි කැමරා ඔස්සේ  විමර්ශනය කොට මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය. මින් එක්අයෙක් රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අනික් පුද්ගලයා බලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මින් එක් සැකකරුවෙකුට  මිනි මැරුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇති අයෙකු බව පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා නිවාස හා වෙළදසැල් කොල්ලකැම් වලට සම්බන්ද අය බවද විමර්ශනවලදි අනාවරණය වි ඇත.


 මෙම සැකකරුවන් දෙදෙනා විසින් බලගොඩ ප්‍රදේශයේ තනිවම ජිවත්වන වයස්ගත යුවළක් ඝාතනය කොට ඔවුන්ගේ දේපල හා මුදල් සොරකම් කිරිමට සැලසුම්කොට තිබු බව  ඔවුන් අත්අඩංගුවට ගෙන සිදුකරණු ලැබු ප්‍රශ්නකිරිම් වලදී අනාවරණය වි ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර  ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

Exit mobile version