වයඹ පළාතේම අපේක්ෂකයන් දෙනෙකු ඡන්ද නීති කඩා පොලිස් කූඩුවේ

පුද්ගලයන් 131ක් අද වනවිට ඡන්ද හුටපට නිසා අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ ව අපේක්ෂකයින් දෙදෙනකු ඇතුළු 131 දෙනෙකු අද(10) වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අපේක්ෂකයින් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික සමගි ජනබලවේගය යන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් බව පොලිස් මැතිවරණ අංශ ආරංචි මාර්ග සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුළියාපිටිය බිංගිරියේදී බවත් ජාතික සමගි ජනබලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේදී බව පොලිසිය පවසයි.


Exit mobile version