වන විනාශය නැවැත්වීම සඳහා විශේෂ ඒකකයක් – විශේෂ කාර්ය බලකායත් ගෙන්වීමේ තීරණයක්

වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ හතරක එනම් පුල්මුඩේ, කැබිතිගොල්ලෑව, අනුරාධපුර සහ මාදුරුඔය යන තැන්වල විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද අද යෝජනා විය. මේ බව සාකච්ඡාවකට ලක් වූයේ අද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා “වනය විනාශ කරනවා කියන්නේ අනාගත පරම්පරාවට රටක් නැති කරනවා කියන එකයි. ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව වන විනාශය වැළැක්වීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි. මේ රටට ඇති සැබෑ ආදරේ නිසා. මේ සඳහා විශේෂ ඒකකයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ පිහිටුවා ඇති අතර 1997 අංකයට ඇමතීමෙන් වනය විනාශ කරන අය පිළිබඳව තොරතුරු ලබාදීමට හැකියාව ඇති බවත් වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරනවා.“

දැනට පවතින නීති වල අඩු ලුහුඩු කම් පවතින අතර ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර දැඩි නීති සැකසීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. රට පුරාම මෙම වන විනාශය නොවන බැවින් වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ වන පුල්මුඩේ කැබිතිගොල්ලෑව අනුරාධපුර මාදුරුඔය ඇතුළු එම ස්ථානයන්හි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද යෝජනා විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ත්‍රිවිධ හමුදාවන්හි පුහුණු කටයුතු මෙම කැළෑ තුල සිදු කිරීමට යෝජනා වූ අතර උසස් පෙළ හදාරන සිසු සිසුවියන් දැනුත් කිරීම සඳහා උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළු කිරීමට යෝජනා විය.

Exit mobile version