වනාතවිල්ලුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනකු, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු ගම් වාසීන් සිවු දෙනෙකු ඇතුළු 12 දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි.
වනාතවිල්ලුව පොලිසියේ රඳවාගෙන සිටි අත් අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් සියළු දෙනා අද උදෑසන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන වෙත ලැබුණු තොරතුරක් මත වන සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ වනාතවිල්ලුව පොලීසය එක්ව මෙම වැටලීම සිදුකරන්නේ සැකකරුවන් රක්ෂිතයට ඇතුළු වී රක්ෂිත භූමිය එළිපෙහෙලි කරමින් සිටි අවස්ථාවේ දී බව පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ඇත්තේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිල් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සඳහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත ලිපියක් පමණක් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.
මෙ පිරිස සමග පිරිස රැගෙන ගිය ටැක්ටර් රථය හා උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිිලධාරින් භාරයට ගෙන තිබිණි.







