වන්නි බණ්ඩාරගේ 217 වෙනි ගුණ සමරු උළෙල 25 දා

දිනසේන රතුගමගේ

බ්‍රිතාන්‍ය පාලන සමයේ වන්නියේ සිටි අවසාන පාලකයා වූ කුලසේකරම් වෛරමුත්තු බණ්ඩාර වන්නියන් හෙවත් වන්නි බණ්ඩාරගේ 217 වෙනි ගුණ සමරු උළෙල 25 දා වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරි පිට තනා ඇති බණ්ඩාර වන්නියන් ප්‍රතිමාව අභියසදී සිදු වුණි.

වවුනියාව දිසාපති එස්.එම්.සමන් බන්ධුලසේන මහතා ඇතුලු පළාතේ දේශපාලනඥයින් විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් බණ්ඩාර වන්නියන්ගේ ප්‍රතිමාවට මල් දම් පළදවා ගුණ සිහිපත් කළහ.


බණ්ඩාර වන්නියන් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ට යටත් පාලකයෙකු වූවත් ඔහු වන්නියේ ජනතාව වෙණුවෙන් බ්‍රිතාන්‍ය පාලකයින් සමග සටන් කිරීම නිසා වන්නි පළාතේ ජනතාව ඔහුව දෙවියෙකු සේ සලකා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බණ්ඩාර වන්නියන්ගේ 217 වෙනි ගුණ සමරු උළෙල වවුනියාව නගර සභාව හා බණ්ඩාර වන්නියන් ගුණානුස්මරණ කමිටුව විසින් සංවිධානය කොට තිබුණි.

Exit mobile version