වන්නි දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ වන්නි දිස්ත්රික් සංවිධායකව සිටි කුලසිංහම් තිලීපන් සහ ඔහුගේ ලේකම් වරයා මුදල් වංචාවක් සම්බන්ධව අද (20) වව්නියාව පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.
ඉඩම් ලබා දෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කාරීම සම්බන්ධ නඩුවකට අදාලව ඔහු මෙසේ අත් අඩංගුවට පත්වී තිබේ.
හිටපු මන්ත්රීවරයා 2020 වසරේදී පැවැති මහ මැතිවරණයේදී වන්නි දිස්ත්රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.
පසුගිය දා කුලසිංහම් තිලීපන් ඊ.පී.ඩී.පී පක්ෂයෙන් හා එම පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉවත්ව වූයේය. ඔහු කීවේ තමන් පුද්ගලික හේතුක් මත ඉල්ලා අස්වන බවය.







