වනජීවී නිලධාරීන්ට පහර දුන් මේජර් ජනරාල් මොහාන් රත්නායක අත්අඩංගුවට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහර දීමේ සිද්ධියට සම්බන්ධ අනුරාධපුර මෙහෙයුම් නිලධාරී මේජර් ජනරාල් මොහාන් රත්නාය අද උදෑසන කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

අද උදෑසන පොලිසියට පැමිණ භාර වූ  ඔහුව අත්අඩංගුවට ගෙන කැකිරාව අධිකරණයට ඉදිරිපත් කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මේ සිද්ධිය සම්බන්ධව වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජනරාල්වරයා ද පැමිණිල්ලක් කර ඇති බවත් ඔවුන් දෙපාර්ශවයේම පැමිණිලි විමර්ශනයට ලක් කරන බවත් හෙතෙම පැවසීය.

මේ සිද්ධියට අදාලව හමුදාවේ කීර්ති නාමයට සිදුවන හානිය සලකා බලා තමා ස්වේච්ඡාවෙන් අද දින පොලිසියට පැමිණෙන බව මේජර් ජනරාල් මොහාන් රත්නායක පවසා තිබිණි.

Exit mobile version