වනජීවී නිලධාරීන්ට පහර දුන් මේජර් ජනරාල් මොහාන් රත්නායක ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත නිදහස්..

2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත් සමන් වැරණියගොඩ අද(01) නියෝග කළේය.

2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.

අලි පැටවුන් සොරකමක සැලසුමක් සම්බන්ධව ලැබුණු තොරතුරක් මත රැකවලේ සිටි වනජීවී නිලධාරීන් පිරිසක් මේජර් ජනරාල් මොහාන් රත්නායක ගමන් කළ වාහනය නවත්වා පරීක්ෂා කිරීමට තැත්කළ සිද්ධියක් මුල් කරගෙන මෙම ප්‍රශ්නය ඇති වී තිබිණි.
සිද්ධිය සම්බන්ධව යුද හමුදාව ද විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.

Exit mobile version