වනජීවියෙන් ගොඩගන්න එන විට ඇතින්න පැටියා සමග වලෙන් ගොඩවී යන්න ගිහින්…

දිනසේන රතුගමගේ –

වවුනියාව ඕමන්ත ඉලප්පර්මරදන්කුලම වැව අසල ඇලකට වැටී සිටි ඇතින්නක් හා පැටවෙකු ඉන් ගොඩ ගැනීමට වන ජීවී නිලධාරීන් යාමට ප්‍රථම ඇතින්න හා පැටවා ඊයේ (10)   එම වළෙන් ගොඩ වී කැලයට ගොස් තිබේ.

දින කීපයක් තිස්සේ මෙම ඇතින්න හා පැටවා වතුර ඇලට වැටී නිරාහාරව  සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් එය දැක වනජීවී නිලධාරීන්ට පැමිණිලි කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී නිලධාරීන් අදාල ස්ථානයට පමිණ  ඇතින්න හා පැටවා ගොඩට ගැනීමට පසු දිනයේ පැමිණෙන බව දැනුම් දී අදාල ස්ථානයෙන් පිටව ගිය පසුව රාත්‍රී කාලයේදී ඇතින්න සිය පැටවා සමග ඇලෙන් ගොඩ වී කැලයට ගොස් ඇත.


Exit mobile version