වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් වෙයි…

වතු කම්කරුවන්ගේ වැටුප දිනකට රුපියල් 900ක් සහ ප්‍රසාද දීමනාවක් වශයෙන් රුපියල් 100ක් ලබා දිය යුතු බවට පැටුප් පාලක සභාව අද (08) තීරණය කළ බව ලංකා වතු කම්කරු කොන්ග්‍රසයේ නිවේදන කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද (08) දින විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේ දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තීය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ  සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී වතු සමාගම් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 565ක් දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිනි. එහෙත් වතු  වෘත්තීය සමිති සහ රජය මගින් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ ප්‍රසාද දීමනාව වශයෙන් රුපියල් 100ක්   ගෙවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය.


මේ යෝජනාව සම්බන්ධයෙන් වැටුප් පාලක සභාවේ පැවති චන්දයෙන් වතු පාලකයන්ගේ යෝජනාවට පක්ෂව චන්ද 08කුත් වෘත්තීය සමිතිවල යෝජනාවට පක්ෂව චන්ද 11කුත් ප්‍රකාශ විය. ඒ අනුව  වතු කම්කරුවෙකුට දිනක වැටුප ලෙස රුපියල් 1000ක් ගෙවිය යුතු බවට වූ යෝජනාව වැඩි චන්ද තුනකින් සම්මත විය.

එම යෝජනාව සම්මත වූ නිසා ගැසට් පත්‍රයක් මගින් එය නිවේදන කළ පසු වතු සමාගම් විසින් දිනකට රුපියල් දහසක වැටුප කම්කරුවන්ට ගෙවිය යුතු බව වතු කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුපක් ලැබීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් ලාංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙන්දීල් තොණ්ඩමන්, සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ සහයෝගී ස්ථාවරය ගැන අග්‍රමාත්‍යවරයා හමුවී ස්තුතිය පළ කර තිබිණි.

Exit mobile version