වට්ස්ඇප් සමාගමට ඉන්දියාවෙනුත් තරවටුවක්

WhatsApp හි මතභේදාත්මක නව රහස්‍යතා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව හැකි උපරිම පියවර ගන්නා බව ඉන්දියාව පවසයි.

ලොව පුරා මැයි 15 වන දින සිට නව රහස්‍යතා ප්‍රතිපත්තිය (privacy policy) ක්‍රියාත්මක වන බව මීට පෙර පවසා තිබුණද වට්සැප් සමාගම එම කාලය සති කිහිපයකට තවදුරටත් දීර්ඝ කර ඇති බව පැවසේ. මීට පෙර පැවසූයේ පසුගිය පෙබරවාරි මාසයේ වුවත් ලොව පුරා රටවලින් දැඩි විවේචනයට ලක්වීමත් සමග වට්සැප් සමාගම තවදුරටත් කල් දමන ලදී.

මීට පෙර පවසා තිබුණේ හෙට සිට වෙනස් කෙරෙන නව රහස්‍යතා ප්‍රතිපත්තියට යම් පරිශීලකයකු එකඟ නොවුණහොත් එමගින් ගිණුම අක්‍රිය වීමට හෝ දත්ත මකා දැමීමට ඉඩ ඇති බවයි. එහෙත් දැන් වට්සැප් සමාගම පෙන්වා දෙන්නේ නව රහස් එදා ප්‍රතිපත්තියට එකඟ නොවූවත් වට්ස්ඇප් ගිණුම හෝ දත්ත මකා දැමීමේ හෝ අක්‍රීය නොකෙරෙන බවයි.


කෙසේවෙතත් රටවල් කිහිපයක් නව රහස්‍යතා ප්‍රතිපත්තියට එරෙහි වෙමින් තහනම් පැනවීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ජර්මනිය දැනටමත් එය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර මීළඟට යුරෝපා රටවල් ද ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව පවසන්නේ ඒ සම්බන්ධයෙන් හැකි උපරිම පියවර ගන්නා බවයි.

Exit mobile version