වට්ස්ඇප්වලට සවන් දෙන යන්ත්‍ර සී.අයි.ඩියේ… ඇමති කාලයේදීත් චම්පිකගේ දුරකථනය ටැප් කරලා  

තමා රජයේ අමාත්‍යවරයකු ව සිටින සමයේදී තමාගේ වට්ස්ඇප් දුරකථන ඇමතුම්වලට පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහසිගතව සවන් දී ඇති බවත් රටේ පවතින නීතියට අනුව අධිකරණ නියෝගයකින් තොරව එසේ දුරකථන සංවාදවලට සවන් දීමෙන් තම පෞද්ගලිකත්වයට හානි වීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස වරප්‍රසාද අහිමිවීම පිළිබඳව අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තන්මේන්තු නිලධාරීන් සහ තම පෞද්ගලික  ජංගම දුරකථන දත්ත මෙම නිලධාරීන්ට ලබා දුන් දුරකථන සේවා ආයතන  පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත් ඊට පසුව අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්  හිටපු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක අද (21) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වට්ස්ඇප් දුරකථන ඇමතුම්වලට සාමාන්‍යයෙන් බාහිර පුද්ගලයකුට සවන් දිය නොහැකි බවත් දත්ත මඟින් යැවෙන මෙම පනිවිඩ ග්‍රහණය කිරීමට විශේෂ තාක්ෂණ උපකරණ අවශ්‍යවන අතර මෙම තාක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ශනය කරන ලෙසත් හිටපු අමාත්‍ය චම්පික රණවක එහිදී තවදුරටත් ඉල්ලා සිටියේය.

Exit mobile version